Published
ලබන වසර සඳහා ඉදිරිපත් කරන අයවැය, අවම වශයෙන් සියයට හතක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයක් ඉලක්ක කරගත යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. ඒ සඳහා අපනයන ප්‍රවර්ධනය මූලික කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම වඩා වැදගත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
විදේශ ආයෝජන වර්ධනය කර ගැනීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ගැනීම ද අත්‍යවශ්‍ය වන බවයි මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.
2026 වසර සඳහා වන අයවැය කතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.




