මේ අතර හෙට දින පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශය වෙත පැමිණීමට නියමිත සිසුන් සඳහා ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා විශේෂ දැනුම්දීමක් සිදු කළා.

විකල්ප මාර්ග හරහා හෝ හෙට දින උසස් පෙළ විභාගයට පැමිණීමට නොහැකි සිසුන්ට, ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට ගොස් විභාගයට පෙනී සිටිය හැකි බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් මහතා පැවසුවේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් විශේෂ ප්‍රවාහන සේවාවක් ද ක්‍රියාත්මක බවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා.