Published
හෙට ශිෂ්‍යත්ව විභාගය. දරුවන්ගේ මෙන්ම දෙමාපියන්ගේද ඉහළ උනන්දුවක් ඇති මෙම විභාගය සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම්. විභාගයට ඔබේ දරුවා සූදානම්ද? ඇතැම් විට දෙමාපියන් සිදු කරන ඇතැම් ක්‍රියා හේතුවෙන් දරුවන්ට අවාසිදායක තත්ත්වයන්ද නිර්මාණය වන බව විශේෂඥයින්ගේ අදහසයි. ඒ අනුව යහපත් මානසිකත්වයෙන් යුක්තව ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවා සහභාගී කරවන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා බැලුවා. මේ, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා.
ශිෂ්‍යත්ව විභාගයට දරුවා සූදානම් කළ යුත්තේ කෙසේද? ශිෂ්‍යත්ව විභාගයේදී දරුවා කටයුතු කළ යුත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා අදහස් පළ කළා.