හෙට පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනී සිටින දරුවන්ට අද දවසේ හොද නින්දක් අවශ්‍ය බව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා පවසනවා. එවිට යහපත් මානසිකත්වයෙන් දරුවන්ට විභාගයට පෙනී සිටීමට හැකි බවයි නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

විභාග මධ්‍යස්ථානයට යන විට දරුවන් රැගෙන යා යුත්තේ මොනවාද? දරුවන් රැගෙන එන මව්පියන්ගෙන්ද මෙහිදී ඉල්ලීමක් සිදු කළා. හෙට පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල නියෝජ්‍ය විභාග කොමසාරිස් අසංක ජයතිලක මහතා සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.