රුපියල් හය කෝටි අනූ දෙලක්ෂ හතලිස් දහසක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඒවා පිට කර ගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු රඹුක්කන, හේවාදිවෙල ප්‍රදේශයේ පදිංච් 28 හැවිරිදි දුරකථන අලුත්වැඩියාකරන්නෙකු වනවා.

මොහු අද(14) අලුයම 12.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ව්‍යාජ පතුලක සගවා ගෙන මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 308 ක ප්‍රමාණය සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අද(14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා ගැනීමේ නියෝග ලබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.