Published
හොංකොංහි, තායි - පෝ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
පුද්ගලයින් 279 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි හොංකොං බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
ගින්න හටගෙන ඇත්තේ නිවාස 2,000කට අධික සංඛ්‍යාවක් ඇති මහල් නිවාස සංකීර්ණයකයි.
800කට වැඩි ගිනි නිවන බටයින් පිරිසක් ගින්න නිවා දැමීම සඳහා තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර අදාළ නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් ඇති ස්ථානයයක් ආවරණය කර තිබූ පොලිතින් පුවරු හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යන්නට ඇති බවටයි හොංකොං බලධාරීන් සැක පළ කරන්නේ.




