හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ බඳුන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ, එක්සත් අරාබි එමීර් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කරමින්. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 06 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 106ක් ලබා ගත්තා.
සචිත ජයතිලක නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 52ක්. ලකුණු 107ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට කඩුලු 02ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 85ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟය ලකුණු 21ක් ජයගනිමින් මෙවර හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාව දිනාගැනීමට සමත් වුණා.
එමෙන්ම මෙම තරඟාවලියේ පළිහ ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ සත්කාරක හොංකොං කණ්ඩායමයි.
මේ අතර, හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ඒ, අවසන් මහා තරඟයේදී කුවේට් කණ්ඩායම ලකුණු 44කින් පරාජයට පත්කරමින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩාම නියමිත පන්දුවාර 06 අවසානයේදී කඩුලු 03ක් දැවී ලකුණු 135ක් රැස් කළා.
ලකුණු 136ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කුවේට් කණ්ඩායමට පන්දුවාර 05යි එක් පන්දුවක් තුළදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 92ක් පමණයි.




