හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලියේ නේපාලය සමග පැවති තරඟය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම නියමිත පන්දුවාර හය අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 86ක් රැස් කළා.
නායක සංදීප් ජෝරා පන්දු 10කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 39ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 02ක් ඇතුළත් වුණා. පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු දෙකක් බිඳ හෙලූ අතර ලහිරු සමරකෝන් සහ ලහිරු මධුංසංක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
ජයග්‍රාහී ලකුණු 87ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පහයි පන්දු තුනක් අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 89ක් රැස්කර ගනිමින් තරඟය ජය ගත්තා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක ධනංජය ලක්ෂාන් පන්දු 10ක් තුළදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 36ක්.
ඔහුගේ ඉනිමට හයේ පහර පහක් ඇතුළත් වුණා. නිමේෂ් විමුක්ති ද පන්දු 12ක් තුළදී නොදැවී ලකුණු 33ක් රැස් කළා.




