ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. ඒ, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. එහි දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පැවති බවයි. එහෙත් අදාළ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයක් පැවැත්වුවා මිස එය නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබු බව එම නිවේදනයේ සඳහන්. අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදු විය යුතු බැවින් යැයි අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති බවත් මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
Published