අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට හිමිව ඇතැයි වාර්තා වනවා.

ඒ, අද උදෑසන පැවති ඡන්ද විමසීමේ දීයි.

එහිදී වැඩි ඡන්ද තුනකින් සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ නමුත් අද දින එක් සභිකයෙකු නොපැමිණීම හේතුවෙන් සභිකයින් 29 දෙනෙකු පමණක් මෙහිදී ඡන්දය භාවිත කර තිබෙන බවද වාර්තා වනවා.