Published
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වී ගිය සියලු දෙනා ඉදිරියේදී එක්කර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ඉදිරි මාස කිහිපය තුළදී සියලු දෙනා එක්කර ගනිමින් මේ වනවිට පසුබෑමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් කිරීම සිය අරමුණ බවයි ඔහු පැවසුවේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවට එරෙහිව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අදහස් පළ කළා.




