යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැකසීම සඳහා ඍජුවම තරුණ පරපුර සහ සිසු සිසුවියන් සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඒ අනුව ඊට අදාළ අදහස් සහ යෝජනා එවන ලෙසයි අග්‍රාමාත්‍යවරිය ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේ.

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය නැරඹීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.

වෙනස් වන ලෝකයත් සමග හැඩගැසිය හැකි පරපුරක් නිර්මාණය කිරීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව එහි සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

එහිදී අධ්‍යාපන සභාව ගොඩ නැගීම සඳහා දීර්ඝ ලෙස එම කමිටුව නියෝජනය කරන විද්වතුන් අදහස් පළකල අතර අධ්‍යාපන සභාව ගොඩනැගීම සඳහා වූ මූලික වාර්තාව මාස දෙකක් තුළ කමිටුවට ලබාදීම සඳහා ඔවුන් සුදානම් බව අනුකාරක සභාවට දැනුම් දුන්නා.

මේ, එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.

කෙසේවෙතත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් අදහසක්.