2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට චීනයේ බීජිං වෙත පිටත්ව ගිය අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, චීන ජාතික ගුවන්විදුලි සහ රුපවාහිනී පරිපාලන අමාත්‍යවරිය විසින් පිළිගනු ලැබුවා.

මෙම සංචාරයේ පළමු දින, අග්‍රාමාත්‍යවරිය චීනයේ තහනම් නගරය සහ චීන මහා ප්‍රාකාරය නැරඹීමට එක්ව තිබෙනවා.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව සඳහා අග්‍රාමාත්‍යවරිය සහභාගි වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව අද සිට එළඹෙන 15 වනදා දක්වා අග්‍රාමාත්‍යතුමිය චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් චීන රජය සහ බීජිංහි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක් - කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්”‍ යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමටද නියමිතව තිබෙනවා.

මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැද මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යතුමිය සහභාගී වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ.