ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද NDTV ලෝක සමුළුවට එක්වීමට නියමිතව තිබෙනවා.

එහි ප්‍රධාන දේශනය “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ඇය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන හා තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ මාර්ග ගවේෂණය කිරීම සඳහා දිල්ලි ඉන්දියානු තාක්ෂණ ආයතනය සහ

NITI සංවර්ධන සහ පර්යේෂණ ආයතනය නැරඹීමට ද එක් වීමට නියමිතයි.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවුණා.

ඒ, නවදිල්ලියේදීයි.

හෙට දිනය දක්වා ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් කිහිප දෙනෙකුට හමුවීමට ද නියමිතව තිබෙනවා.