ලංකා IOC සමාගමේ නවතම නිෂ්පාදනය වන “එක්ස්ට්‍රා ග්‍රීන් ඩීසල්” ලබාගත හැකි තුන්වන පිරවුම්හල ලෙස බත්තරමුල්ල, පැලවත්ත, ‘නදීශා’ පිරවුම්හල ඊයේ සිට ක්‍රියාත්මක වනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැලවත්ත, ‘නදීශා’ පිරවුම්හලේ අධ්යක්ෂ උදේශ ද අල්විස් මහතා.
මෙවර සංශෝධනය කෙරුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කරනවා.
ඒ අනුව ඇතැමුන් පවසන්නේ අඩු කෙරුණු ඉන්ධන මිල සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි.
එහෙත් තවත් පාර්ශවයක් කියා සිටියේ එම මිල ගණන් සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බවයි.
මාසික මිල සංශෝධනයට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරුණා.
ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 294.00ක්.
එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00 ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
මේ අතර රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නැහැ.
එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ලංකා අයි ඕ සී සමාගමද ඉන්ධන මිල සංශෝධනය කළා.




