අතරමග නතර කර තිබූ ව්‍යාපෘතීන් රැසක් යළි ආරම්භ කිරීමට ආයෝජකයින් එකඟතාවකට පැමිණෙමින් ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජපන් ආයෝජන ඒ අතරින් ප්‍රමුඛ වන බවයි.

ආණ්ඩුව බිහි කිරීමෙන් පසු මුහුණ දීමට සිදුවූ අභියෝග සාර්ථකව ජයගෙන ඇති බැවින් දැන් උදා වී ඇත්තේ රට ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමේ යුගය බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර මෙරට ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල එක්ව සංවිධාන කළ ජපාන - ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රවර්ධනය පිළිබඳ සැසි වාරයක්ද කොළඹ පිහිටි ශ්‍රී ලංකා අයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඉකුත් දා පැවැත්වුණා.