මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් නාවික හමුදාව විසින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම පමණක් රුපියල් බිලියන 60කට අධික බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මීට අමතරව ගොඩබිම තුළ සිදුකළ මෙහෙයුම්වලින්ද කිලෝ ගණනක මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති බවයි.

රටේ ආරක්ෂක අංශ මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ මත් රකුසා රටෙන් තුරන් කිරීමේ අරමුණෙන්.

ජාතියේ නාළිකාව ලෙස නෙත් එෆ් එම් අපිද මෙම කාර්යයට මාධ්‍ය නාළිකාවක් ලෙස ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දෙමින් සිටිනවා.

මාධ්‍ය ලබාදෙන මෙම දායකත්වය සම්බන්ධයෙන් ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා.

මේ, “එක්වෙමු - පෙළ ගැසෙමු - මත් රකුසා එළවමු” තරුණ ජීවිත රකින නෙත් එෆ් එම් සමාජ සත්කාරයයි.