අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා මහතා පානදුර අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.
පින්වත්ත ප්‍රදේශයේදී ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
ඒ, නීති විරෝධිව මෝටර් රථයක් එකලස් කර කූඨ ලේඛන භාවිත කර ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කරන ලද ජීප් රථයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් විසින් පසුගිය දෙසැම්බර් 31 වනදා සොයාගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් වාහන දෙකක් පසුගිය ජනවාරි මස පළමුවනදා සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අදාල වාහන තුන නීති විරෝධී ලෙස එකලස් කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී පොලිසිය ආනාවරණ කරගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවද පොලිසිය පැවසුවා.
ඊයේ දිනයේ සිය භාරයට ගත් ජීප් රථය මෝටර් රථ පරික්ෂකවරයා විසින් පරික්ෂා කර ඇති අතර එය ව්‍යාජ ලෙස එකලස් කළ වාහනයක් බවට හා ධාවනයට නුසුදුසු රථයක් බවට වාර්තා කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව එම ජීප් රථය සහ සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පානදුර, පින්වත්ත ප්‍රදේශයේ පදිංචි හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයෙකු වූ අමල් සිල්වා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන බවද වාර්තා වනවා.




