ආපදා තත්ත්වයක් ඇති වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

ආනයනයකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට උත්සාහ කළහොත් ඒ සඳහා ද ක්‍රමවත් වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍යංශය සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අපාදාවෙන් හානියට පත් වූ සියලුම වගාබිම්වලට නැවත වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය බීජ සහ පොහොර ලබාදීමට කටයුතු කරන බවද වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.