අත්හිටවූ දීමනාව ලබා දෙන ලෙස බලකරමින් ආබාධිත රණවිරුවන් අද සත්‍යග්‍රහයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිය ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී අඛණ්ඩව සග්‍යග්‍රහයේ නිරත වන බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම්, විශ්‍රාමික ආබාධිත රණවිරු නිශාන්ත හේරත් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ.

සත්‍යග්‍රහය සඳහා ආබාධිත රණවිරුවන් 2,000කට ආසන්න පිරිසක් සහභාගි වන බවද ඔහු පැවසුවා.