කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ අත්හැර දැමූ ගමන් මල්ලක් තුළ තිබී “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන “මැක්ස් ” නැමති නිල සුනඛයා විසින් සොයාගෙන තිබෙනවා. එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු විසින් කිලෝ ග්‍රෑම් 20යි ග්‍රෑම් 900ක් ඇසුරුම් 19ක් ලෙස සකස් කර සඟවා ගෙන තිබූ ගමන් මල්ල, ඉකුත් 28 දින තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණා. එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
Published