අධික රුධිර පීඩනයෙන් පීඩා විඳින රෝගීන්ට මේ වන විට සුබ ප්‍රවෘත්තියක් ලැබී තිබෙනවා.

ඒ, අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා නව ඖෂධයක් නිෂ්පාදනය කිරීමයි. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය කණ්ඩායමක් මෙම ඖෂධය නිෂ්පාදනය කර තිබෙනවා. එහිදී සිදු කර ඇත්තේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට එක් පෙත්තක් නිපදවීමයි.

මෙම සොයා ගැනීමේ වාසිය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලුවා. මේ, කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී ගලප්පත්ති මහතා.

අධික රුධිර පීඩනයේ භයානකත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා මෙලෙස පැහැදිලි කළා.

 

අධික රුධිර පීඩනය හේතුවෙන් රුධිර වාහිනී පිපිරීයාමෙන් සිදුවිය හැකි අංශභාගී රෝගී තත්ත්වය සියයට 60කින් පමණ මෙම ඖෂධය ලබා ගැනීමෙන් වළක්වා ගැනීමට හැකිවී ඇති බව ද සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.