විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා. ඒ, විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ඇතුළු විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස වෙනුවෙන් කැප වූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවයි. ඊයේ දිනයේ අධිකරණ භූමියට පැමිණි ජනතාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා නීතියේ ආධාර ලබාදීමට නීතීඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට ද විපක්ෂ නායකවරයා එහිදී යෝජනා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
මේ අතර එම සාකච්ඡාවට එක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා කියා සිටියේ ගෑස් සිලින්ඩරයෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉවත් වී රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. මේ අතර විපක්ෂයේ දේශපාලව පක්ෂ අතර ගොඩනැගී ඇති එකමුතුව සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. Published