පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

කතාබහට ලක්ව ඇති බහාලුම් 323ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ දෙවන දිනටයි.

අදාළ ප්‍රකාශය ලබා දීමෙන් පසු ඉන් පිටව යන අවස්ථාවේදී මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.