ඉන්දියාවේ අදානි සමාගම ඉවත් වූ පුනර්ජනනීය බලශක්ති බලාගාර ව්‍යාපෘති වෙනුවෙන් යළි ටෙන්ඩර් කැඳවා සුදුසු පාර්ශවයකට එය ලබා දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ අදානි සමාගම අදාළ ව්‍යාපෘතියෙන් ඉවත් වූයේ ඉතා සුහදශීලී අයුරෙන් බවයි.

විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ඉන්දියාවේ අදානි සමාගම ඉවත් වුවද පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට ආණ්ඩුවට හැකි බවයි. මන්නාරම යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කමිටුවක් හරහා මේ වන විට විශේෂ සොයා බැලීමක් සිදු කරමින් ඇති බවත් අදාළ කමිටු නිර්දේශ ලැබීමෙන් පසු සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය යළි ආරම්භ කරන බවත් ආණ්ඩුව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.