2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළා.

ඒ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින්.

මේ අතර වරායෙන් නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදත් ප්‍රශ්න කෙරුණා.

මේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙහිදී වරායේ නිලධාරි හිඟය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

විෂය භාර අමාත්‍යවරයා ද වන සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

පසුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වෙනත් ප්‍රශ්නයක් ඇසීමත් සමග කතානායකවරයා ඊට මැදිහත් වුණා.

සභා නායකවරයා ද ඊට පිළිතුරු ලබාදුන්නා.

පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු සවස 06.30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.