මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සිට ආරම්භ වනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ විභාගය ආරම්භ වීමට මිනිත්තු 30කට පමණ පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණ තමාට හිමි ආසනයේ අසුන්ගන්නා ලෙසයි.

අපේක්‍ෂයින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන නොයායුතු දේ සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැහැදිලි කළා.

විභාග ශාලාවට ඇතුල් වූ මෙහොතේ සිට අපේක්‍ෂකයින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු දැක්වුවා.

මේ ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය.

අදින් ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් මස පස්වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 40,521ක්.

ඒ අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 46,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,000ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී විභාගය පැවැත්වෙනවා.