දිස්ත්‍රික්ක 16ක් ආවරණය කරමින් අද දිනයේ සිට ජූලි මස 05 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය කණ්ඩායම්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ස්වේච්ඡා නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් එම විශේෂ ඩෙංගු මදුරු මර්දන සතිය ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය.
මදුරුවන් බහුලව බෝවිය හැකි ස්ථාන පිළිබඳවද ඇය මෙහිදී පැහැදිලි කළා.
මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 28,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් බස්නාහිර පළාත, සබරගමුව පළාත, දකුණු පළාත සහ නැගෙනහිර පළාත්වලින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.