“2025 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” අද ආරම්භ වනවා.
ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වන එම ක්‍රීඩා උලෙල ලබන 14 දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන්ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.
නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරගවලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇති.
දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.
ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක - ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කෙරෙනවා.
පාසල් 1,170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්රදානය කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.