හදිසි ආපදා තත්ත්වයත් සමග මතුව ඇති ජාතික ව්‍යසනය හේතුවෙන් රුපියල් බිලියන 50ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව ආණ්ඩුව විසින් එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසුවේ.
මේ අතර 2026 අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.00ට යළි රැස්වන අතර ප්‍රධාන කටයුතුවලින් අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 06.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සහ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් අද දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතයි.
එම විවාදයෙන් අනතුරුව පස්වරු 06.00ට අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.




