Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම් අතර තරගය අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. මෙවර එක්දින ලෝක කුලසාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා. ඒ අනුව අද තරඟය වෙනුවෙන් සිය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට වෙනදාටත් වඩා වගකීමක් ඇති බවයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ.