කොළඹ හයිලෙවල් පාරේ කිරුළපන හරහා ගමන් කරන ජනතාව නිතර මුහුණ දෙන ගැටලුවක් පිළිබඳව අද නෙත්සැරයේන් කරුණු අනාවරණය කරනවා.

2017 වසරේ සිට විවිධ ප්‍රශ්න ගණනාවක් මැද පවත්වාගෙන යනු ලබන යතුරුපැදි අලුත් වැඩියා ස්ථානයක් නිසා ජනතාව පීඩාවට පත්ව ඇතැයි පැවසෙනවා.

මෙම ස්ථානය බලහත්කාරයෙන් පවත්වාගෙන යන බවද අදාළ භූමියේ හිමිකරුගෙන් නෙත්සැරය කළ විමසීමකදී අනාවරණය වුණා.

ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්.

එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.

එම වට්ස්ඇප් අංකය නැවතත් 0 710 94 8 94 8.