අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. ඒ, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනට විරෝධය පළ කරමින්. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පැවසුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටෙන් හතක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.