කලින් ප්‍රකාශ කළ පරිදි සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් විසඳගැනීමට තිබූ මෙම ගැටලුවට බලධාරින් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.