අද වප් පෝයට දක්නට ලැබෙන පූර්ණ චන්ද්‍රයා super moon හෙවත් සුපිරි සඳක් දිස්වන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය පවසනවා.
සුපිරි සඳ වෙනත් පොහෝ දිනයන්ට දක්නට ලැබෙන දකින පුර සඳට වඩා වැඩි විශාලත්වයකින් හා දීර්පිතියකින් යුත්තවන බවයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තීක්ෂණ පියදාස මහතා සඳහන් කර සිටියේ.
මෙම සුපිරි සඳ සාමාන්‍ය පුර්ණ චන්ද්‍රයාට වඩා 7% ක් පමන විශාල වනු ඇතැයිද අපේක්ෂා කරන බවයි ඔහු පැවසුවේ.
සුපිරි සඳ තත්ත්වයන් වර්ෂයකට කිහිප වතාවක් දැක ගත හැකියි.
තවද මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ සඳ ඉලිප්පාකාර කක්ෂයේදී පෘතුවියට වඩාත් ආසන්නයෙන් ගමන් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේ.
මෙම සුපිරි සඳ පුරපසළොස්වක දිනක පමණක්ම නෙව අමාවක දිනයන් වලදිද ඇති විය හැක.
මෙදින මුහුදේ වෙනදාට වඩා වැඩි වඩදිය බාදිය තත්ත්වයක්ද ඇතිවිය හැකි බවයි නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තීක්ෂණ පියදාස මහතා පැවසුවේ.
තවද එදිනම අපගේ පූර්ණ චන්ද්‍රයා අසලින් සෙනසුරු ග්‍රහයාද දැක ගැනීමට හැකි සුවිශේෂ අවස්ථාවක් ද නිරික්ෂණය කිරීමට හැකියාව තිබෙනවා.



