උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද රාත්‍රී කාලයේ සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු මෙලෙස කරුණු දැක්වුවා.

මේ අතර, ජලාශ 66කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි මාර්ග අධ්‍යක්‍ෂ, ජල කළමනාකරණ ඉංජිනෙරු එච් එම් පී එස් ඩී හේරත් මහතා පැවසුවේ.