විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන ඇති තීරණය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට නියෝග කර තිබෙනවා.
අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට බලශක්ති අමාත්‍යාංශ ලේකම් උදයංග හේමපාල මහතා විසින් පසුගියදා 15 වෙනිදා කටයුතු කරමින් ඒ මහතා වෙත ලිපියක් නිකුත් කර තිබුණා.
ඒ සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අනුමැතිය ලබා දී ඇති බවත් ලේකම්වරයා සිය ලිපිය මඟින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා යවා තිබුණා.
කෙසේවෙතත් මෙම ලිපිය සම්බන්ධව පසුගිය 22 වැනිදා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ලිපියක් යොමු කරමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම අවලංගු කරන ලෙසයි.
අදාළ ලිපිය මඟින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් විසින් අදාළ පත් වීම සඳහා කිසිදු ලෙසකින් අනුමැතියක්ද ලබා දී නොමැති බවයි.




