යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අලුත් පෙළපොතක් හඳුන්වාදීමේ වැඩසටහනක් පමණක් නොවන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

එම ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන පද්ධතියම වෙනස් වන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද විවිධ පාර්ශව මෙන්ම රට දැනුවත් කිරීමේ වැඩසටහන් දැන් ක්‍රියාත්මකයි.

එම බොහෝ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද එක්ව සිටිනවා.

ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන විවේචන හමුවේයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ පාර්ශවය නම් කියන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද නිසි අවබෝධයක් නොමැතිවීම නිසා විපක්‍ෂය ඇතුළු ඇතැම් පාර්ශව එලෙස විවේචන සිදුකරන බවයි.

ඒ අය ඇතුළු සියලු පාර්ශවලට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ වගේම එහි අන්තර්ගය ගැන පැහැදිලි කිරීමටයි දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන තියෙන්නේ.

පසුගිය දින කිහිපයේදීද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද අදහස් පළ වුණා.

ඊට අමතරව අධ්‍යාපන බලධාරීන් මෙන්ම පාසල් සිසුන් ද ඇතුළු පාර්ශව කිහිපයක් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකටද අග්‍රාමාත්‍යවරිය එක් වුණා.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද එවැනි තවත් දැනුවත් කිරීමේ වැඩසටහන් අග්‍රාමාත්‍යවරියේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ රත්නපුරේදීයි.

එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ අලුත් පෙළපොතක් හඳුන්වාදීම පමණක් නොවන බවයි.

අවුරුදු ගාණනාවක් කතා කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට පසුගිය ආණ්ඩුවලට නොහැකි වුණේ ඇයි?

ඊටද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රතිචාර දැක්වුවා.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දවසින් දවස දේශපාලන වේදිකාවද උණුසුම්.

දැඩි කතාබහට ලක්ව ඇති ඉතිහාස විෂය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික නිරෝෂන් පාදුක්ක මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.