රටේ සැබෑ පරිවර්ථනයක් ඇති කිරීමට නම් අධ්‍යාපනයේ විශාල වෙනසක් වෙන්න ඕන කියලා බොහෝ දෙනා කියන කාරණයක්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පසුගිය ආණ්ඩු ගණනාවක් මූලික පියවරයන් තැබුවත් එය අවසානයකට පැමිණියේ නැහැ.

විවිධ වාද විවාද මැද වර්තමාන ආණ්ඩුවත් දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.

මේ ගැන රට දැනුවත් කිරීමේ අරමුණින් කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද දවස පුරා පැවැත්වෙනවා.

මෙම කල්තැබීමේ විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් දැක්වූයේ ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතායි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා.

විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්ව සිටිනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06.30 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.