අධිකරණයට භාර වූ සම්පත් මනම්පේරි නමැත්තා දින 07ක කාලයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.
ඒ, විත්තියේ නීතීඥවරුන් සහ පොලිසිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා බව කියන රසායනික ද්‍රව්‍යයක් සොයා ගැනීමේ සිද්ධියට අදාල විමර්ශන සඳහා සම්පත් මනම්පේරි නමැත්තා පොලිසිය විසින් පසුගිය දිනවල සොයමින් සිටියා.
ඔහු සිය නීතීඥවරුන් මගින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වුණේ අද දහවල් කාලයේදීයි.
මේ අතර මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා තිබියදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් ඉකුත් දා සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි නැමැත්තා, අදාල මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඉකුත් 15 වනදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින තමන්ව වධ හිංසාවන්ට හා හිරිහැරයන්ට භාජනය කිරිම වැළැක්වීමේ නියෝගයක් විමර්ශන නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණය වෙත රීට් පෙත්සමක් ඉදිරිපත් කරමින්.



