හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය ලබා දුන් තීන්දුව විවේචනය නොකරන්නැයි ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එම සංවිධානය අද පස්වරුවේ කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එහි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පැවසුවේ රටේ සියලු පුරවැසියන්ට පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම ආරක්‍ෂක අංශයේ වගකිම බවයි.

මේ එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නීතිඥ හේමක සේනානායක මහතා.