වැල්ලවාය සහ කිරිදිඔය ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිට රාත්‍රි කාලය දක්වා විශාල ජල පහරක් කිරිදිඔයේ දක්නට ලැබුණු අතර මෙම තත්ත්වය නිසා කිරිදි ඔය පහල කොටසේ ජනතාව නිරන්තරයෙන් විමසිලිමත් වීම වැදගත් වනවා.

අද පස්වරුවේ ද විශාල වර්ෂාපතනයක් ලැබුන හොත් මෙම තත්වය යළිත් ඇති විය හැකි අතර එම නිසා කිරිදි ඔය දෙපස ජනතාව සහ කිරිදි ඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් සිටීම වැදගත් වනවා.