මස්කෙළිය බ්‍රවුන්සික් වතුයාය ප්‍රදේශයේදී යූකැලිප්ටිස් වර්ගයේ ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වි තිබෙනවා.
පැවති තද සුළං තත්ත්වය හමුවේ උදෑසන 10:00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර කඩා වැටුණු අත්තට යටවූ අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි මස්කෙළිය පොලීසිය සඳහන් කර සිටියේ.
මියගොස් ඇත්තේ 44 හැවිරිදි තිදරු පියෙකි
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පවතින අධික සුලං සහ වර්ෂාවත් සමග තේ වත්තේ දර ඇහිලීමට ගිය අවස්ථාවේ ඔහුගේ හිස මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ඔහු එලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය අයගේ සිරුර මස්කෙළිය ප්‍රා දේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව මස්කෙළිය පොලිසිය සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.