උත්සව සමයේ අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක් ඉපැයූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ දෙසැම්බර් මස 16, 23 සහ 24 යන දින තුනෙහි සමස්ත ආදායම මිලියන 170ක් ලෙස වාර්තා වූ බවයි.
ඉදිරි දිනවල අධිවේගී මාර්ගවල රථ වාහන තදබදය අවම කිරීම සදහා සියලු පිවිසුම් දොරටු විවෘත කරන බවද ඔහු පැවසුවා.
ඒ අනුව අධිවේගි මාර්ග භාවිත කරන ජනතාවද අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයක් පිළිබද මෙහිදි පෙන්වා දුන්නා.
මේ අතර සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊයේ යළි විවෘත කළා.
එම මාර්ගයේ රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන්.
ජලය ක්රමානුකූලව බැස යාමත් සමග ඊයේ පස්වරුවේ සිට සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබුණා.




