Published
අධිවේගී මාර්ගවල ඊයේ දිනයේ ආදායම රුපියල් මිලියන 61 ඉක්මවා තිබෙනවා.
ඒ, අදට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් ජනතාව සිය අවශ්‍යතාව සදහා අධිවේගී මාර්ග වැඩි වශයෙන් භාවිත කිරීම හේතුවෙන්.
සාමාන්‍ය දිනකට මෙරට අධිවේගි මාර්ගවල ආදායම රුපියල් මිලියන 45 ක් පමණ වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.
ඒ අනුව සාමාන්‍ය දිනක අධිවේගී මාර්ගවල වාහන එක් ලක්‍ෂ 45,000 ක් පමණ ධාවනය වුවද ඊයේ දිනයේ වාහන එක් ලක්‍ෂ 70,000 ක් පමණ ධාවනය කර ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.




