වෙන්නප්පුවේදී අනතුරට ලක්වූ බෙල් 212 හෙලිකොප්ටර් යානය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසට ගුවන් හමුදාපතිවරයා විසින් ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව ගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ඊයේ පස්වරුවේ ලුණුවිල ප්‍රදේශයේදී එම යානය අනතුරට ලක්වූ අතර එම අනතුරෙන් හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවා ලෙස කටයුතු කළ නියමුවා මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා.

එලෙස සිය ජීවිතය ජනතාව වෙනුවෙන් පුද කළේ වින් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය රණවිරුවායි.