Published
අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස ගිණුමකට මුදල් බැර කර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව ලැබී තිබූ පැමිණිල්ලකට අනුවයි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පැමිණිලිකරු රවටා ටෙලිග්රෑම් සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් රුපියල් හැටඅට ලක්ෂ හැට දහසක මුදලක් වංචා කර ඇති බවයි.
වංචාකරන ලද මුදලින් රුපියල් ලක්ෂ පනහක මුදලක් සැකකරු, සිය බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 31ක් හැවිරිදි වැලිපැන්න ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




