අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් 2025 වසරේ මේ දක්වා කාලය සීමාව තුළ ළමුන් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අතවරවලට ලක්ව ඇති බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සිද්ධීන්වලට අදාළව ළමුන් 206 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.