උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු සිදු කරමින් පවතිනවා.

මෙලෙස ගමනා ගමනයට බාධා එල්ල වූයේ බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 06.00 කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය පිලි පැනීමකට ලක්වීමත් සමගයි.

ඔහිය හා ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර පස් කඳු කඩා වැටීම ඊට හේතු වුණා.

ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථාන දක්වා පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ද අද අදහස් පළ කළා.

ඊයේ දින ද උදෑසන මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් ද ඔහිය දුම්රිය ස්ථානයේ දී පිලි පැනීමකට ලක්වුණා.