අනුරාධපුරය, යාපනය හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව අද උදෑසන සිට පස්වරුව වන තෙක්ම පීඩාවට පත්ව සිටියා. ඒ, එම ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරුණු විදුලි කප්පාදුවක් හේතුවෙන්. පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා එලෙස විදුලිය කප්පාදු කර තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශවලට පැමිණි විදේශිකයන්, අටමස්ථානය වන්දනා කිරීමට පැමිණි සැදැහැවතුන්, විවිධ අවශ්‍යතා හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණි ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද පීඩාවට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අනුරාධපුරය, යාපනය හන්දිය ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව චෝදනා කළේ අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු වන බවට බලධාරීන් පෙර දැනුම්දීමක් ද සිදු කර නොතිබූ බවයි.